රෝගීන් ප්‍රවාහනයට මෝටර් රථ සේවයක්
- 2017-04-19 14:19:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා කාර් රථ සේවාව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතින් පසුගියදා අම්පාර මහ රෝහලේදී සිදුවිය.
මෙහිදී අම්පාර මහ රෝහලේ නව ඒකක විවෘත කිරීම ඒ මහතා අතින් සිදුවූ අතර මෙම නව ඒකකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300කට අධික වියදමක් දරා තිබේ.
මෙම අවස්ථාවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී. දයාරත්න, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) ලක්ෂ්මි සෝමතුංග, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ යන මහත්ම මහත්මින්, වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments