2025 මැයි මස 17 ප.ව. 02:49 - {{hitsCtrl.values.hits}}
අදින් වසර 2800 කට පෙර මෙරට විධිමත් ආදාහන ක්‍රමයක් පැවති බවට සාක්ෂි හමුව තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අංශයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් කහටගස්දිගිලිය කොක්එඹේ වනාන්තර ප්‍රදේශයක සිදු කළ කැණීම්වලදී මෙම සුසානය හමුවී තිබේ.
කහටගස්දිලිය කොක්එඹේ වනාන්තර ප්‍රදේශයේ සුසාන සංකීර්ණයක් හඳුනාගෙන ඉන් තෝරා ගත් සුසාන තුනක කැණීම් ආරම්භ කර තිබිණි.එහිදී මෙගලිතික යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික සාධක රැසක් සොයා ගත හැකිව ඇත.එම කැණීම්වලදී වර්ග 04 කට අයත් ස්මාරක 215 ක් හමුවූ බවද ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා,
කාලරක්ත වර්ණ මැටි මෙවලම්, වීදුරු පබලු, කානිලියන් පබලු වගේ දේවල් අපිට සොයා ගත හැකි වුණා.ඉතාමත්ම වැදගත් කාරණය තමයි නිල් සහ කොළ පැහැති වීදුරු කැබලිවලින් කර තිබෙන පබලු 90 කට වැඩි ප්‍රමාණයක් මෙම සුසානවල කැණීම්වලදී හමුවූ භරනී තුළ තිබී හමුවී තිබෙනවා.එම වීදුරු පබලුවලින් අපිට පැහැදිලි වෙනවා ක්‍රිස්තු පූර්ව 800 වගේ කාලසීමාවකදී මධ්‍ය යාන් ඔය ප්‍රදේශයේ සිටි මිනිස්සු පබලු නිෂ්පාදනය කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය කරන්න දැනගෙන හිටියා කියන එකයි.ඒ වගේම ඉතාමත් හොඳ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් පොහොසත් පිරිසක් මෙම අනුරාධපුරයේ ජීවත් වුණා කියන එක පැහැදිලියි.මේක විජය කථා පුවතට එහා යන ශ්‍රී ලංකික ජනතාවගේ අනන්‍යතාව පිළිබිඹු කරන සංස්කෘතික ප්‍රවාහයක් කියන එක කියන්න පුළුවන්* යැයි පැවසීය.
විශාල ගල්පුවරු හතරක් සිරස් ලෙස තබා සකසන මංජුසාවක් මැද මිනිය තබා තවත් ගල් කුට්ටියකින් වැසීම, දිග ගල් පුවරු සිරස් අතට තබා තැනූ සුසාන ක්‍රමයක්, කේතුවක් ආකාරයේ ගල්ගොඩැලි සුසාන ක්‍රමයක්, භස්මාවශේෂ තැන්පත් කර ශිලා මංජුසා වටකර ශිලා මණ්ඩලයක් සැකසීමේ ක්‍රමය, මැටි බඳුන්වල අවශේෂ කොටස් තැන්පත් කරන ක්‍රමයක් හා ගල් ඇඳක ආකාරයට තැනූ සුසාන ක්‍රමයක් ආදී ආකෘති ආචාර්ය තුසිත මෙන්ඩිස් එහිදී හඳුනාගෙන තිබේ.
මෙයින් ආකෘති රැසක් ඉතා දුර්ලභ ගණයේ සොයාගැනීම් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙහිදී ලබා ගත් සාම්පල කාල නිර්ණය සඳහා යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව මෙම සොහොන් වසර 2800 කට පෙර සකස් කරනු ලැබූ ඒවා බව සනාථ වී ඇති බවත්, ඒ අනුව මෙම සුසාන සංකීර්ණය මෙරටින් හමුවූ පැරණිතම මෙගලිතික සුසානය බවද ආචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
![]() |
diary Read more... |