ලංකාවේ මත්ස්‍ය පරිභෝජනය වැඩි වෙලා
- 2016-11-28 10:57:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම වර්ෂයේ ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ ගොස් තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළිදරවු වී තිබේ.
මේ අනුව මෙම වර්ෂයේ ගතවූ කාලය තුළ මෙරට දෛනික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑ 46.7 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වර්ෂ හා සංසන්දනය කරන විට 2013 දී ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්‍රෑම් 41.3ක් හා 2014 වර්ෂයේදී ග්‍රෑම් 42.9කි. එමෙන්ම 2015 වර්ෂයේ එම මට්ටම ග්‍රෑම් 43.2කි.
මෙරට මත්ස්‍ය අස්වැන්න ඉහළයාම මෙන්ම බොහෝ පාරිභෝගිකයන් මස් අනුභවයට වඩා මත්ස්‍ය පරිභෝජනයට නැඹුරු වී සිටීම මෙම වර්ෂයේ මත්ස්‍ය පරිභෝජනය ඉහළයාමට හේතු වූ කරුණු අතර ප්‍රධාන වී තිබේ.
නිරෝෂා සෝමරත්න
Reply To:
Name - Reply Comment
0 Comments