ලක් අධ්‍යාපන සහතික සඳහා විදෙස් පිළිගැනීම වැඩි කිරීමට පියවර
- 2017-05-23 15:32:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහතික සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
ඒ සඳහා අවශ්‍ය පියවර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් ගෙන තිබේ.
ඒ අනුව විදේශගත වන පිරිස් වෙත විභාග දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ලබාදෙන විභාග සහතිකවලට අමතරව එම සහතිකවල පිටපත් අදාළ විදේශ තානාපති කාර්යාල වෙත ද යොමු කිරීමට කටයුතු යොදා ඇත.
විදේශගතවූවන්, ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත්කරමින් සිදුකරන අක්‍රමිකතා වැළැක්වීමත්, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ විභාග සහතික සම්බන්ධව පවත්නා පිළිගැනීම අඛණ්ඩව ආරක්ෂා කරගැනීමත් අරමුණු කරගනිමින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ විභාග සම්බන්ධයෙන් ලෝකයේ සියලු ම රටවල ඉතා ඉහළ පිළිගැනීමක් පවතින බවත් ලෝකයේ එවැනි පිළිගැනීමක් සහිත රටවල් ඇත්තේ අතළොස්සක් පමණක් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments