ලෙස්ටර් අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී
- 2018-05-01 12:42:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලාංකික සැබෑ සිනමාවේ පියාණන් වූ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය ගෞරව සහිතව ලබන බදාදා (02) නිදහස් චතුරශ්‍රෙය් දී සිදු කිරීමට සියලු කටයුතු යොදා තිබේ. දේහය මේ වන විට කොළඹ 05, තිඹිරිගස්යායේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබේ.
ලබන බදාදා (02) උදේ 10.00 ට ඒ මහතාගේ දේහය පෙරහැරින් නිදහස් චතුරශ්‍රයට රැගෙන ඒම සදහා සියලු කලාකරුවන්ට ජාතික චිත්‍රපට සංස්ථාවට පැමිණෙන ලෙස අවමංගල්‍ය කමිටුව ආරාධනා ඉල්ලා සිටී. පෙරහැරින් රැගෙන ආ දේහය දහවල් 12.00 සිට සවස 3.00 දක්වා මහජන ගෞරවය සදහා තැන්පත් කර තබන අතර එදින සවස 4.00 ට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ අදාහන කටයුතු සිදු කෙරේ.
සබැඳි පුවත්
Reply To:
Name - Reply Comment
0 Comments