Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර සංචාරය නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස පෙරේදා (17දා) සන්ධ්‍යාවේ ලොව්රාන් ජබාඩ් චොක්ලට් නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

චොක්ලට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමු ද්‍රව්‍යයන් බෙල්ජියමෙහි නැතත්, 17 වන සියවසේ සිටම චොක්ලට් නිෂ්පාදනය සම්බන්ධව ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් ලෙස බෙල්ජියම හැදින්වේ.  

වර්තමාන බෙල්ජියම් චොක්ලට් නිෂ්පාදනයට නව මානයක් එක් කරමින්, විවිධ නිර්මාණශීලී චොක්ලට් නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන ආයතනයක් ලෙස ලොව්රාන් ජබාඩ් ප්‍රසිද්ධියක් උසුලයි.

එම ආයතනයට පැමිණි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස පිළිගන්නා ලද්දේ එහි අධිපති ලොව්රාන් ජබාඩ් මහතා විසිනි. තම ආයතනය සම්බන්ධ තොරතුරු හෙළි කළ ජබාඩ් මහතා, ශ්‍රී ලාංකේය කුළුබඩු භාවිත කරමින් රස ගන්වන චොක්ලට් නිෂ්පාදනය කිරීම සම්බන්ධව පැහැදිලි කළේය.

එවැනි චොක්ලට් සාදන ආකරය පෙන්වා දුන් ජබාඩ් මහතා, වික්‍රමසිංහ මහතාට ද චොකලට් සෑදීමට ආරාධනා කළේය. වික්‍රමසිංහ මහතා ද ඊට එකඟ විය.

ශ්‍රී ලංකාවේ කොකෝවා වගාව සංවර්ධනය හා පුළුල් කිරීමෙන් චොක්ලට් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරලීමේ හැකියාව සම්බන්ධව ද වික්‍රමසිංහ මහතා සහ ජබාඩ් මහතා අදහස් හුවමාරු කර ගත්තේය.

නිරෝෂා ප්‍රියදර්ශනි

B37A3597 B37A3612 B37A3624 B37A3637

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.