ලෝකයේ විශාලම නත්තල් ගසට හිමි ගිනස් වාර්තාව ශ්‍රී ලංකාවට
- 2017-12-13 16:39:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වරාය අමාත්‍යවරයා ලෙස අර්ජුන රණතුංග මහතා කටයුතු කරන කාලසීමාවේදී පසුගිය වසරේදි (2016 නත්තල් සමයේදී) කොළඹ ගෝල් ෆේස් පිටියේ ඉදිකළ කෘතීම නත්තල් ගස ලෝකයේ විශාලම නත්තල් ගස ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබේ.
ලෝක ගිනස් වාර්තා කමිටුව එය සනාථ කර ඇති අතර එම සහතිකය අද (13දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. නත්තල් ගසේ උස මීටර් 72.1ක් විය.
මිට ඉහතදී ලෝකයේ විශාලම නත්තල් ගස ලෙස වාර්තා අතරට එක්ව තිබුණේ 2015 වසරේ නත්තලට සමගාමීව චීනයේ GZ ThinkBig Culture Communication Co.Ltd සමාගම ඉදිකළ නත්තල් ගසයි. එය මීටර් 55ක් උසවිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments