ලෝකයේ ළාබාලතම ලේඛකයාට හිමි ගිනස් වාර්තාව ශ්‍රී ලංකාවට
- 2018-01-05 14:03:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවා අද (05දා) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
සිය දෙමව්පියන් සමග සීෂෙල්ස් හි පදිංචි මෙම දරුවා "Junk Food" නැමති ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 කි.මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයකි.
දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඔහුට තිළිණයක්ද පිළිගැන්වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශීර්වාදයද පළ කළේය.
සීෂෙල්ස්හි ශ්‍රී ලංකා තානාපති ටිකිරි හේරත් ගුණතිලක මහතා සහ දරුවාගේ දෙමවුපියන් වන තුසිත සේරසිංහ, අප්සරා සේරසිංහ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments