වතුපාසල්වල ගුණාත්මකභාවය සංවර්ධනයට පියවර
- 2017-12-20 10:57:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ වතු ආශ්‍රිත පාසල් නඟාසිටුවීමටත්, ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් වේගවත් පියවර රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවා තිබේ.
දිවයිනේ මධ්‍යම, බස්නාහිර, ඌව, දකුණ හා සබරගමුව පළාත් 05ක සංවර්ධන අවශ්‍යතා සහිත, තෝරාගත් වතු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වෙයි.
පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම, ගුරු නිවාස ඉදිකිරීම හා අලුත් වැඩියා කිරීම, විද්‍යාගාර හා පරිගණක විද්‍යාගාර ඉදිකිරීම සහ ජල පහසුකම් ලබාදීමට අදාළ ඉදිකිරීම් ද මේ යටතේ සිදුකෙරෙමින් පවතී.
එමෙන් ම මෙම පාසල් සඳහා පන්තිකාමර සහ කාර්යාලයීය උපකරණ ලබාදීමට ද පියවර ගෙන ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ සංවර්ධන අවශ්‍යතා සහිත, හඳුනාගත් වතු පාසල් 32ක් සඳහා ලැප්ටොප් පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර ලබාදීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments