වනදිවිය මාධ්‍ය කව දිවයින පුරා
- 2016-12-14 16:26:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වනජීවීන් ඇතුළු පරිසරයේ තිබෙන වැදගත්කම අවබෝධ කරවීම හා වනජීවීන්ට හා පරිසරයට ආදරය කිරීමේ අරමුණෙන් සියලුම පාසැල් ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව වනදිවිය මාධ්‍ය කව ආරම්භ කිරීමට කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
පරිසරය සංරක්ෂණය නොකර කිසිදු ජීවියෙකුට අනාගතයක් නොමැති බවත් මිනිසාද පරිසරයේම කොටසක් ලෙස තේරුම්ගෙන වනජීවීන්ට හා පරිසරයට ආදරය කරන දරු පරපුරක් නිර්මාණය කිරීම රටේ අනාගතය වෙනුවෙන් වර්තමානයේදී කළ යුතු අත්‍යවශ්‍ය දෙයක් යැයිද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශකළේ පාසැල් දරුවන් වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පසුගිය දා සංවිධානය කරන ලද චිත්‍ර ඇදීමේ වැඩමුළුවක ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments