Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විඩියෝව ඇතුළත්-----
පසළොස් වසරක පමණ කාලයක් අපේ දරු දැරියන්ගේ නැණ ගුණ වැඩුමට විජය පුවත්පතේ ‘නව සියවසට නව සංකල්පනා’ පිටුවට දායකත්වය සැපයූ පූජ්‍ය වලස්ගල මයුරවංශ හිමිපාණෝ සිය දිවිමගෙහි අනූ නව වැනි වියෙහි සිටියදී අද 10 වැනි දා අපවත් වූහ. මීට වසර ගණනාවකට පෙර මයුරවංශ හිමිපාණෝ විසින් රචිත ‘මා දුටු ලෝකය’ නම් ස්ව්‍ය චරිතාපාදන කෘතියෙහි මාගේ අවසන් ඉල්ලීමට අනුව එදින ම උන්වහන්සේගේ අවසන් කටයුතු මාතරදී අද සිදු කෙරේ.

මයුරවංශ හිමිපාණන්ගේ අවසන් ඉල්ලීම

භික්ෂුව ජාතික වස්තුවක් බව දැන මේ කාලය තුළ හැකි තාක් දුරට මම සිහි නුවණින් කටයුතු කිරීමෙන් ඔබගේත් මගේත් ගෞරවය රැකෙන සේ ක්‍රියා කෙළෙමි. මා දිවිගමන නවතින විට ජීවත්වන හිතවත් ඔබටයි මේ ඇරයුම.

මා නැති වූ වහාම සිරුරට කළයුතු වැඩ දෙකකි. එකක් වෛද්‍ය විද්‍යාලයට බාරදී, රෝගීන්ගේ යහපත සඳහා ගත හැකි සියලුම අංගෝපාංග ගෙන, ඇට සැකිල්ල ආපසු ලබාගෙන මාතර යෝගාශ්‍රමයේ යෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා නිසිසේ තැන්පත්කර තැබීමයි. අනික නැතිවී විසිහතර පැයක් තුළ ආදාහනය කිරීමයි. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමය -:

සිරුර අවසන් කටයුතු සඳහා ගෙන යන තෙක් එම අසුනේම තිබෙන්නට හරිනු විනා විනා අමුතු තැනකට ගෙනයාම හෝ සැරසිලි ආදී කිසිත් අමුත්තක් නොකළ යුතුය. දෙපස පහන් දැල්වීම සා සතිපට්ඨානය හෝ පටිච්ච සමුප්පාදය ඇස්වීම මැනවී.

පෙට්ටි, දවුල් ආදියට මුදල් වියදම් නොකළ යුතු, සිරුරට බෙහෙත් නොගැල්විය යුතු කැමති සැදැහැවතකුට කසට පැහැති රෙදි ගැසූ පෙට්ටියක් සැපයිය හැකියි. නැතහොත් ඒ සඳහා අඩි හයක් දිග අඟල් දහඅටක් පළල කලම්ප ගසා තනාගත් පලකයක් යොදාගත හැක. ඔසවාගෙන යාමට සැදැහැතියන් ඉදිරිපත් නොවෙතොත් ඒ සඳහා වාහනයක් යොදා ගැනීම වරදක් නොවේ. සැදැහැයෙන් ඉදිරිපත්වන දවුල්කරුවනට වුව එයට එක්වීමට බාධාවක් නැත. රැස්වූ සඟනට මතක වස්ත්‍ර පූජා කොට අනිත්‍ය ප්‍රතිසංයුක්ත එක් දේශනයක් පවත්වා හැම ස්වල්ප වේලාවක් මරණානුස්සති භාවනාවෙහි යෙදී පින්දීමෙන් අවසන් කටයුතු අවසන් කළ යුතුය. ආදාහනයට ආදාහනාගාරය යොදාගත යුතුය. එය අක්‍රීය නම් ඒ සඳහා දර ටිකක් යොදා ගත යුතු නෂ්ටාවශේෂයක් වෙතොත් එය ගඟට හෝ මුහුදට දැමිය යුතුය.

දරුවන් හා පොදු සමාජය ද වෙනුවෙන් සියදිවි කැපකළ වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමිපාණෝ හට නිවන් සුව පතමු.

විජය කර්තෘ මණ්ඩලය

මයුරවංශ හිමියන් පිළිබඳ නිපද වු චරිතාපදාන වීඩියෝව

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.