වසර මිලියන 10ක් පැරණි තල්මස් අස්ථි සැකිල්ලක් හමුවෙයි
- 2018-08-23 11:36:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර මිලියන 10කට වැඩි කාලයක් පමණ පැරණි බවට විශ්වාස කෙරෙන තල්මසෙකුගේ අස්ථි සැකිල්ලක් හමුවුණු බව ක්‍රිමියාවේ පුරාවිද්‍යාඥයන් පිරිසක් සඳහන් කරයි. ඉදිරියේදී ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයක් සඳහා වෙන් කෙරුණු භූමියක සිදු කළ සමීක්ෂණයක් අතරතුරදී ඔවුන්ට මෙම අස්ථි හමුව ඇත.
මෙම අස්ථි සැකිල්ල හිමි තල්මසා වර්තමාන තල්මසුන්ගේ වඳවීගිය ඥාතියෙකු බව මෙම පුරාවිද්‍යාඥයන් පවසයි. මෙහිදී ඔවුන් මෙම සත්ත්වයා Cetotherium ලෙස නම් කර ඇති අතර, ලතින් භාෂාවෙන් එහි තේරුම Whale beast යන්නයි. විද්‍යාඥයන්ගේ විශ්වාසය අනුව මෙම සත්ත්වයන් මීටර් 5ක් පමණ දිගු වන්නට ඇතැයි සැලකෙයි. එසේම මෙම අධ්‍යයනය සිදුකළ භූමි ප්‍රමාණය කලකට පෙරාතුව සම්පූර්ණයෙන්ම මුහුදෙන් යට ව තිබූ ප්‍රදේශයක් බවටද ඔවුන් පවසා සිටියි.
"මෙතැන කාරණය සාගරය ගොඩබිමක් බවට පත්වීමයි. භූගෝලීය තට්ටුව ඉහළට පැමිණිලා. ඒ අතරතුරදීම තල්මස් අස්ථි සැකිල්ල මතුපිටට පැමිණිමක් තමයි සිදු වෙලා තියෙන්නේ." පුරාවිද්‍යාඥයන් පවසයි.
මේ අතරම ක්‍රිමියානු සත්ත්විද්‍යා කෞතුකාගාරයේ විද්‍යාඥයෙකු වන දිමිත්‍රි ස්ටාර්ට්සෙව්ට අනුව මෙම අස්ථි සැකිල්ල සුවිශේෂී ලක්ෂණවලින් සමන්විතය. "මේ සියලුම අස්ථි කොටස් එකම විශේෂයට අයත් ඒවා. මෙවැනි සොයා ගැනීමක් හැමවිටම සිදු වෙන්නේ නෑ. මේ අස්ථි පටලවල සැකැස්ම ඉතාමත් හොඳින් දර්ශනය වෙනවා." ඔහු පවසයි.
අද පුවත්පත ඇසුරෙනි
Reply To:
Name - Reply Comment
0 Comments