වැඩිමිලට රංග ශාලා වෙන් කරන්න බෑ
- 2017-10-22 13:14:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල්වල උත්සව සඳහා ශාලා වෙන්කර ගැනීමේ දී ඇතැම් පාසල් වියදම් අධික රංග ශාලා වෙන්කරගැනීමට අවම කළ යුතු බවත්, ඒ සඳහා සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.බොරැල්ල රත්නාවලී බාලිකා පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත්, මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීමේ දී මව්පියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.
පාසල්වල උත්සව පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ශාලා පහසුකම් නොමැති අවස්ථාවල දී අදාළ පහසුකම්වලින් සමන්විත ප්‍රදේශයේ වෙනත් පාසල්වලින් අඩු පිරිවැයකින් යුක්තව ඒවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments