වැඩ විෂයයන් 17,500ක් ලබන වසරේදී
- 2016-12-07 23:43:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වැඩ විෂයයන් 17,500ක් ලබන වසරේදී ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. මේ යටතේ රුපියල් බිලියන 64ක් වැයකරමින් පන්ති කාමර ගොඩනැගිලි, විද්‍යාගාර, පුස්තකාල, වැසිකිළි ඇතුළු ප්‍රධාන ඉදිකිරීම් කටයුතු සිදුකරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහන දියත් කර ඇත්තේ පාසල් 10,161න් 7000ක යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රජය ගත් තීරණය යටතේ බවයි. “මෙවැනි ප්‍රධාන වැඩ විෂයයන් ප්‍රමාණයක් එක වසරක ක්‍රියාත්මක වන්නේ පළමු වතාවටයි. මීට ඉස්සෙල්ලා කවදාවත් මෙච්චර මුදල් ප්‍රමාණයක් දාලා විද්‍යාගාර, ගොඩනැගිලි, පුස්තකාල, වැසිකිළි කැසිකිලි හදන ඒවා ක්‍රියාත්මක වුණු වසරක් ගැන මම අහලත්නෑ. ඉතිහාසය දන්න අය කියන්නේ මෙතරම් ප්‍රමාණයක් එක වසරක ආවේ නැහැ කියලා යනුවෙන් ඇමතිවරයා පවසා සිටියේය.
උසස් පෙළ සිසුන් 170,000කට සහ ගුරුවරුන් 28,000කට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධව ඊයේ දිනයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වූ බවද අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. යම් යම් සීමාවන්ට යටත්කොට ටැබ් පරිගණක සිසුන්ට ලබාදෙන බවත් ඒ සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments