විගමණික පවුල් වල දූදරුවන් 2878 ලක්ෂ 557ක ශිෂ්‍යත්ව
- 2016-12-12 13:09:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විගමණික පවුල් වල දූදරුවන් වෙනුවෙන් පවත්වන ශිෂ්‍යත්ව වැඩසටහන යයතේ 2016 ශිෂ්‍යත්වලාභීන් 2878 වෙනුවෙන් රුපියල් ලක්ෂ 557ක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාතේ සහ සබරගමු පලාතේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දෙන අතර එහිදී 895 දෙනෙකු වෙනුවෙන් රුපියල් 17,275,000/-ක මුදලක් පිරිනැමීමට නියමිතව තිබේ. එහිදී බස්නාහිර පළාතේ දරුවන් 692 සහ සබරගමු පළාතේ දරුවන් 203 සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත අතර ඒ අනුව පළාත් දෙකෙහිම 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 273 දෙනෙකු සහ අ.පො.ස උ/පෙළ සමත් දරුවන්548 දෙනෙකු හා උසස්පෙළ සමත් දරුවන් 74 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.
මෙහිදී 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් වෙනුවෙන් රුපියල් 15,000/-ක මුදලක් සහ අ..පො.ස උ/පෙළ සමත් දරුවන් වෙනුවෙන් රුපියල් 20,000/-ක මුදලක්ද උසස්පෙළ සමත් දරුවන් වෙනුවෙන් 30,000/-ක මුදලක් පිරිනමනු ලබයි.
2016 වසරේදී ශිෂ්‍යත්ව වැඩසටහනට අනුව 2878 දෙනෙකු වෙනුවෙන් රුපියල් 55,770,000/-ක ශිෂ්‍යත්ව ලබා දෙනු ලැබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ 692, දකුණු පළාතේ 352, සබරගමු පළාතේ 203, මධ්‍යම පළාතේ 310, උතුරු මැද පළාතේ 205, වයඹ පලාතේ 338, ඌව පළාතේ 75, නැගෙනහිර පළාතේ 636, උතුරු පළාතේ 42 වෙනුවෙන් මෙම මුදල වෙන් කර තිබේ.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
Reply To:
Name - Reply Comment
0 Comments