විගමණික ශ‍්‍රමිකයන්ගේ දරුවන් 2878 ට ශිෂ්‍යත්ව
- 2016-11-01 14:43:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශිෂ්‍යත්ව ප‍්‍රදානය පළාත් මට්ටමින් පිරිනැමීමට නියමිතවය. නොවැම්බර් 13 වැනි දින මධ්‍යම පළාත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය මහනුවරදී ද, එදිනම සවස වයඹ පළාත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කුරුණෑගල දිස්ති‍්‍රක්කයේදී ද, උතුරුමැද පළාතේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය නොවැම්බර් 14 වැනි දින අනුරාධපුරදී ද, නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය නොවැම්බර් 20 වැනි දින මඩකලපු දිස්ති‍්‍රක්යේදී ද විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
2016 වර්ශයේ ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලත් විගමණික ශ‍්‍රමිකයින්ගේ දරුවන් අතරින් 5 වසර ශිෂ්‍යත්ව සමතුන් වැඩිම ප‍්‍රමාණය 94ක් ලෙස නැගෙනහිර පළාතෙන් ද, බස්නාහිර පළාතේ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් 90 දෙනෙකු සහ අම්පාර දිස්ති‍්‍රක්කයෙන් 83 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
විගමණික ශ‍්‍රමිකයින්ගේ දරුවන් අතරින් අ.පො.ස (සා/පෙළ) සමත් දරුවන් වැඩිම ප‍්‍රමාණය ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් 190 දෙනෙකු ද, මඩකළපුව දිස්ති‍්‍රක්කයෙන් 162 දෙනෙකු ද, අම්පාර දිස්ති‍්‍රක්කයෙන් 152 දෙනෙකුද වේ.
එසේම විගමණික ශ‍්‍රමිකයින්ගේ දරුවන් අතරින් අ.පො.ස (උ/පෙළ) සමත් වී විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන් වැඩිම ප‍්‍රමාණය ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් 32 ලෙස ද, දෙවනුව මහනුවර දිස්ති‍්‍රක්කයෙන් 26 ලෙස ද, තෙවනුව අම්පාර දිස්ති‍්‍රක්කයෙන් 24 ලෙස ද වේ.
Reply To:
Name - Reply Comment
0 Comments