විද්‍යාත්මක සොයාගැනීම් එළිදැක්වීමක් සහ ප්‍රදර්ශනයක්
- 2016-10-28 08:59:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනමේ පර්යේෂණ ප්‍රදානයක් මත මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් ගල් යුගයේ මිනිසා දේශගුණික වෙනස්කම් වලට දැක්වු අනුවර්තනයක් පිළිබඳව සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයේ දී ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.
ශ්‍රි ලංකා ඉතිහාසය ආරම්භ වන්නේ උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස බවට සාම්ප්‍රදායික මතයක් තිබුණත් මෙම අධ්‍යනයට ආදාළව බලන්ගොඩ ප්‍රදේශයේ දී සිදුකෙරුණු පර්යේෂණයේ විද්‍යාත්මක සොයා ගැනීම් වලින් ඉහත මතයට අභියෝග කළහැකි අන්දමේ ඓතිහාසික සාක්ෂි මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් අනාවරණය කර ඇත. වසර 6000ක් පැරණි ධාන්‍ය වර්ග, ආභරණ , සියුම් තාක්ෂණීක මේවලම් ආදී එකල ජීවත් වු මිනිසුන් පරිහරණය කරන ලද භෞතික සම්පත් මෙන්ම, මීට අවුරුදු 6000 කට පෙර කඳුකර ප්‍රදේශවල දේශගුණික වෙනස්කම් වලට ප්‍රතිචාරයක් ලෙස මෙරට ගල් යුගයේ මිනිසුන් තාක්ෂණික - සංස්කෘතික පරිවර්තනයක් දෙසට යොමු වු ආකාරය පිළිබඳව සාධක මෙයින් පිළිබිඹු කෙරේ.(Department of Government Information)
Reply To:
Name - Reply Comment
0 Comments