විද්‍යුත් අත්සන් පිළිගැනීම රාජ්‍ය අංශ ක්‍රියා කළ යුතුයි
- 2016-10-26 18:44:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් රාජ්‍ය අංශය විසින් ලබාදෙන විවිධ සේවා වඩාත් කාර්යක්ෂම කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඒ සඳහා පළමු පියවර ලෙස රාජ්‍ය ආයතන විද්‍යුත් ලියවිලි හා විද්‍යුත් අත්සන් පිළිගැනීමට එකඟවීම අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙති. විද්‍යුත් අත්සන් පිළිගැනීම හා ‘සින්ගල් වින්ඩෝ‘ ආදී ලොව ප්‍රචලිත පහසුකම් හරහා ආසියාවේ අනෙක් රටවල් බොහෝ වේගයෙන් ඉදිරියට යද්දී ලංකාව තාමත් ඒ සඳහා අවධානය යොමු නොවීම බරපතල කාරණයක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙති.
ශ්‍රී ලංකා රේගුව හා මුදල් අමාත්‍යංශය එක්ව දශක දෙකක කාලයක් ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු කාර්යක්ෂම කිරීම සඳහා හඳුන්වාදීමට උත්සාහ කරන ඉලෙක්ට්‍රොනික සන්නිවේදන පද්ධතිය හෙවත් ‘සිංගල් වින්ඩෝ‘ හි අරමුණ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලදී රජය සමග කරන ගනුදෙනුවලට ගතවන කාලය හා පිරිවැය අවම කිරීමට හැකි බවත් නීතිමය හා තාක්ෂණික බාධා නොමැතිව ද රාජ්‍ය ආයතන විද්‍යුත් ලියවිලි සහ විද්‍යුත් අත්සන් පිළිනොගැනීම නිසා වත්මන් සිංගල් වින්ඩෝ ව්‍යාපෘතියෙන් උපරිම පළ නෙළා ගැනීමට ලංකාව අසමත් වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මැල් මහතා පෙන්වා දෙති.
මෙම ක්‍රමවේදය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය පාලකයන්ගේ විශේෂ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙති.
වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මැල්, ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති දිනේෂ් ද සිල්වා ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments