විදුහල්පති නායකත්ව පුහුණුව තාවකාලිකව නවත්වයි
- 2018-02-20 15:11:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩමුළු තාවකාලිකව නවතා දැමීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපෙදස් ලබා දී ඇත. ඒ නායකත්ව වැඩමුළුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑමේ සිදුවීම හේතුවෙනි. මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දී ඇති අතර එම පරීක්ෂණය අවසන් වන තෙක් නායකත්ව පහුණුව තාවකාලිකව නවත්වා ඇත.
කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේ දී පැවති පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකට ලක්වීමෙන් අනතුරුව විදුහල්පතිවරිය මිය ගියාය.
විදුහල්පතිවරුන්ගේ පෞරුෂ සංවර්ධනය හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.
අනතුරින් මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පති රෝහිණී අතපත්තු මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මීට පෙර රන්ටැඹේ සහ කුඩාඔය පැවති නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් සඳහා ද සහභාගී වී ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments