Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විභාග දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය සහ විභාග පැවැත්වීමේ ක්‍රමවේදය තවදුරටත් විධිමත් කිරීම සහ විනිවිද භාවයට පත්කිරීම සඳහා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින්, විභාගවල විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා තවත් ප්‍රධාන යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ.  ඒ අයිතම බැංකුවක්, අයිතම සංචිතයක් සංවර්ධනය කර පවත්වා ගැනීම සහ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා Turn Key System හඳුන්වාදීම යන යෝජනාවන් රැසක් විද්වත් කමිටුව මගින් ඉදිරිපත් කර තිබේ.

  1. අයිතම බැංකුවක් (Item Bank) සහ අයිතම සංචිතයක් (Item Pool) සංවර්ධනය කර පවත්වා ගැනීම.

මෙහි දී බහුවරණ ප්‍රශ්න සඳහා අයිතම බැංකුවක් ද බහුවරණ හා අනෙකුත් සියලුම වර්ගයේ ප්‍රශ්න සඳහා අයිතම සංචිතයක් ද පවත්වා ගෙන යෑම.

අයිතම බැංකුව

මෙහිදී පූර්ව පරීක්ෂණයට භාජනය කර පහසුතා දර්ශකය, විභවනතා දර්ශකය වැනි අයිතම පාරාමිතීන් සමග ප්‍රශ්න බැංකුගත කළ හැකි නිසා සෑම වර්ෂයකම එක සමාන දුෂ්කරතා මට්ටමකින් යුත් ප්‍රශ්න පත්‍රයක් සිසුන්ට ලබාදිය හැකි වේ. මෙහි දී පුද්ගලයින් සහභාගී නොවන නිසා ප්‍රශ්න පත්‍රවල රහස්‍යතාව ආරක්ෂා කරගත හැකිය.

අයිතම සංචිතය

විවිධ වර්ගයේ ප්‍රශ්න රාශියකින් යුක්ත සංචිතයක් තිබෙන විට ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට ගතවන කාලය අවම කරගත හැකි වේ.

අයිතම බැංකුවට සහ අයිතම සංචිතයට ගුරුභවතුන් ලවා සකස් කරන ප්‍රශ්න ඇතුළත් කරන නිසා විෂය නිර්දේශයට අනුකූල හා ශිෂ්‍යන්ගේ මට්ටමට ගැළපෙන ප්‍රශ්න පමණක් ඇතුළත් වීමේ සම්භාවිතාව වැඩි වේ.

2.      ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා Turn Key System හඳුන්වා දීම.

  • ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ ඇසුරුම් කිරීම එකම යන්ත්‍රයක් තුළින් සිදුකිරීමට මෙමගින් හැකියාව ලැබේ.
  • ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා ඇසුරුම් කිරීමේ දී පුද්ගලයන් සම්බන්ධ නොවන බැවින් රහස්‍යභාවය උපරිම ලෙස ආරක්ෂා වේ.
  • ඇසුරුම් කටයුතු සඳහා දැනට සිටින නිලධාරීන් යෙදවීම අවශ්‍ය නොවන බැවින් ප්‍රශ්න පත්‍රවල ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීමේ කාර්යයන් සඳහා නිලධාරීන්ගේ සම්පුර්ණ කාලයම යොදා ගත හැකිය.
  • දැනටමත් එක් යන්ත්‍රයක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව කටයුතු කර ඇත.
  • එය 2018 ජනවාරී මාසය තුළ සවිකිරීමට අපේක්ෂිතය.

මෙම යෝජනා හරහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී මෙන්ම ඒවා මුද්‍රණය කිරීමේ දී සිදුවිය හැකි දෝෂ සහගත තත්ත්වයන් මගහරවා ගත හැකි බව අදාළ විද්වත් කමිටුව සඳහන් කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.