විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම
- 2017-03-31 10:02:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විභාගයෙන් තමන් අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබීම නිසා ජීවිතය හානි කරගන්නවාට වඩා සිසු දරුවන්ට තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට යා හැකි මාර්ග රැසක් විවෘතව පවතින බවත් ඒ සඳහා ඔවුන් දැනුවත් කිරීමට දෙමාපියන් හා ගුරුවරුන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීය. අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ අපේ ගම පරිශ්‍රයේ දී පැවති පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡාවකට එක්වෙමින්.
විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට සිසු දරු දැරියන් තල්ලු කරදැමීමේ වගකීම අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින්, ගුරුවරුන් හා දෙමාපියන් බාරගත යුතුයි. මේ වන විට සිසුන්ට මානසික පීඩනයක් බවට පත් වී ඇති විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කිරීමට අධ්‍යාපන පද්ධතිය ප්‍රති ව්‍යුහගත කිරීමට පියවර රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන් කළා.
අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල කුමක් වුවද අ.පො.ස. (උ.පෙළ) හැදෑරීමට මේ වසරේ සිට සිසු දරුවන්ට අවස්ථාවන් නිර්මාණය කර දීම සඳහා නව විෂයන් 26 ක් ජාතික අධ්‍යාපන ආයතනය විසින් හඳුන්වා දී තිබෙනවා. සිසුන්ට තමන්ගේ සුදුසුකම් අනුව අභිමත විෂයන් තෝරාගෙන හැදෑරීමට හැකියාව පවතිනවා.
Reply To:
Name - Reply Comment
0 Comments