වියළි කාලගුණයේ වෙනස් වීමක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
- 2016-10-11 12:02:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්වයන් ඇතිවෙමින් පවතින බවද කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී. 50 පමණ) තරමක් තද සුළං තවදුරටත් බලාපොරොත්තු වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් ස්ථාන ස්වල්පයක ඇති වන වැසි ස්වල්පයක් හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
වර්ෂාපතන ව්‍යපර්යාසය
1931 සිට 1960 (චන්ද්‍රපාල 1997) කාලපරිච්ඡේදය හා සසඳන කල 1961 සිට 1990 කාල පරිච්ඡේදයේදී සම්මත අපගමනය මි.මී. 234 සිට මි.මී. 265 දක්වා ඉහළයන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී. 144 කින් එනම් 7% කින් පමණ අඩු වී තිබේ. ශ්‍රී ලංකාවේ ඊසාන දිග මෝසම් වර්ෂාව 1931-1960 කාල පරිච්ඡේදයේ තත්වයේ සිට 1961-1990 කාල පරිච්ඡේදයේ තත්ත්වය දක්වා දැඩිවන විචල්‍යතාවයකින් යුතුව පහත වැටී තිබේ. නිරිත දිග මෝසම් සුළං මෙම කාල පරිච්ඡේදය තුළ සැලකිය යුතු වෙනසක් පෙන්වා නොමැති නමුත් විචල්‍යතාව 1931සිට 1960 කාල පරිච්ඡේදය හා සසඳන කල 1961-1990 කාල පරිච්ඡේදයේ දී අඩු වී තිබේ. අනෙකුත් කාලගුණ මධ්‍යස්ථාන හා සසඳන කල මඩකලපුව, කුරුණෑගල සහ රත්නපුර යන කාලගුණවිද්‍යා මධ්‍යස්ථාන වලින් මෑත කාලයේ වාර්ෂික වර්ෂාපතනයේ ඉහළ විචල්‍යතාවක් වාර්තා වී තිබේ. (1 වන රූපය) පසුගිය ශත වර්ෂය තුළදී වාර්ෂික වර්ෂාපතනයේ සැලකිය යුතු ප්‍රවණතාවයක් දක්නට ලැබී නොමැත. වායුගෝලයේ හරිතාගාර ආචරනය ඉහල යාම නිසා ගෝලීය දේශගුණික විපර්යාස ඇතිවීම වර්ෂාපතන රටාවන්හි පුළුල් ලෙස විචලනය වීමට හේතුව විය හැකිය.
(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments