විල්පත්තු අවට කැලෑ හයක් සංරක්ෂිත වනාන්තරයක් වෙයි
- 2017-03-25 01:15:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විල්පත්තු වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හයක් සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) අත්සන් තැබීය.
ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අත්සන් තැබුවේ රුසියාවේ මොස්කව් නුවර සිට බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එකතු කර තනි සංරක්ෂිත වනාන්තර වශයෙන් පත් කර තිබේ. ඒ අනුව මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල ‘මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය’ ලෙස අද සිට හැඳින්වේ.(හර්ෂණ තුෂාර සිල්වා-ලංකාදීප ඇසුරින්)
Reply To:
Name - Reply Comment
0 Comments