.
ඌව පළාතට කීර්තියක් අත්‍කර දී, විශ්ව විද්‍යාල වරම් ලැබූ තෝරාගත් සිසු සිසුවියන් 14 දෙනෙකුගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලෙන් මුල්‍යාධාර පිරිනැමීම ඌව පළාත් ආණ්ඩුකාරවර ඇම්.පී.ජයසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්. සෝමතිලක යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී සිසු දරු දැරියන්ගේ දෙමවුපියන් පිරිසක්ද සහභාගී වුහ.