විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පළමු ජාතික මධ්‍යස්ථානයට මුල්ගල
- 2016-12-06 09:45:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් මෙරට ඉදිවන පළමු ජාතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03දා) කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේදී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ හේමාස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් රාගම වෛද්‍ය පීඨ භූමියේ ඉදිකරනු ලබන මෙම ජාතික මධ්‍යස්ථානය සංස්කෘත භාෂාවෙන් 'බලාපොරොත්තුව' යන අරුත ඇති 'AYATI' නමින් නම්කර ඇත.
මෙහිදීවශ්‍ය සියලු පහසුකම්වලින් මෙම මධ්‍යස්ථානය සමන්විත වන අතර, තෙරපි ප්‍රතිකාර, මූලික වෘත්තීය පුහුණු සහ ජීවන කුසලතා මෙම මධ්‍යස්ථානයේදී ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම යන මහත්ම මහත්මීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, AYATI ශ්‍රී ලංකා භාරයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments