විෂය නිර්දේශ වෙනස් කිරීමට අවධානය
- 2017-10-17 17:41:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් යුත් දරුවකු බිහිකිරීම සඳහා විෂය නිර්දේශ සම්පාදනය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
තවමත් බොහෝ විෂයන් හි සිසුන්ට දරාගත නොහැකි මට්ටමේ විෂය කරුණු ඇතුළත් බවත් විශ්වවිද්‍යාල මට්ටමින් ඉගැන්වීමට අවශ්‍ය විෂය කරුණු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇතැම් විෂය නිර්දේශයන්ට ඇතුළත් කර ඇති බවට චෝදනා එල්ල වන බවත් සඳහන් කළේය.
මේ හේතුවෙන් දරුවන් පාසලේ දී මෙන්ම නිවසේ දී ද දැඩි පීඩනයකට මුහුණ දෙන බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම තත්ත්වය වහා වෙනස් කිරීමට නායකත්වය ලබාදෙන බව ද අවධාරණය කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments