විෂය නිර්දේශ ඇතුළත් ටැබ් පරිගණකයක් නව වසරේ සිට
- 2016-12-10 02:55:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළඹෙන 2017 වසරේ සිට නවය වසරේ සිට පාසල් සිසුන්ගේ පෙළ පොත් වෙනුවට විෂය නිර්දේශ ඇතුළත් කළ අඟල් දහයක ටැබ් පරිගණකයක් ලබාදීමට පියවර ගන්නා බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ පාසල් දරු දැරියන්ගේ තාක්ෂණික කුසලතාවන් වර්ධනය කර සන්නිවේදනය සමග අත්වැල් බැඳගත් නව ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වා මෙයින් අරමුණු වන බව ද ඇමතිවරයා අවධාරණය කළේය.
2017 වසරේ දී ශ්‍රී ලංකා ආරථිකයේ නව පෙරළියක් සනිටුහන් කරන රජය නිවෙසේ සිට සියල්ල කිරීමට හැකි ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදෙන දීමට අවැසි පියවර ගන්නා බවද පැවැසීය. නව තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ 62 වැනි ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාව තාක්ෂණය හා සන්නිවේදනයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගූගල් සහ මයික්‍රොසොෆ්ට් ආයතන වැනි ජාත්‍යන්තර ආයතන සමග අත්වැල් බැඳගැනීමට රජයට හැකියාව ලැබී තිබෙන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
Reply To:
Name - Reply Comment
0 Comments