ශ්‍රී ලංකාවට ආවේනික අලුත් ගෝනුස්සන් 4 දෙනෙක්
- 2016-11-22 15:28:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකාවට ආවේණික නව ගෝනුස්සන් විශේෂ 4ක් හඳුනාගැනීමට පරිසර විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් විශේෂ 18ක් ජීවත්වන බවත් ඉන් විශේෂ 14ක් ශ්‍රී ලංකාවට ආවේණික බවත් ඔවුන් සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී තිබේ.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කිත්සිරි රණවන, පරිසර විද්‍යාඥ වී.ඒ. සංජීව ජයරත්න සහ චෙක් ජනරජයේ සත්ත්ව විද්‍යාඥ ෆ්‍රැන්ටි සෙක්කොවාරීක් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් මේ නව සොයාගැනීම සිදුකර තිබේ.
මෙම ගෝනුස්සන් විශේෂ අතරින් ශ්‍රී ලංකාවට ආවේණික නව ගෝනුසු විශේෂ හතර බුතිඩේ (Buthidae) කුලයට අයත් වෙති. නව ගෝනුසු විශේෂ හතර Charmus saradieli, Reddynus ceylonesis, Ressyanus jayarathnei සහ Reddyyanus ranawanai යන විද්‍යාත්මක නාමයන්ගෙන් හැඳින්වේ.
මෙරට ජීවත්වූ 'ශ්‍රී ලංකාවේ රොබින්හුඩ්' ලෙස විරුදාවලිය ලත් සූර සරදියෙල් නැමැත්තා ස්මරණය කිරීම වෙනුවෙන් පර්යේෂණ කණ්ඩායම විසින් එක් ගෝනුස්සෙකු නම් කිරීමද විශේෂයකි. චෙක් ජනරජයේ විද්‍යාඥ ෆ්‍රැන්ටි සෙක්කොවාරීක් මහතා කළ යෝජනාවකට අනුව සරදියල්ගේ නම යොදා තිබේ. එම ගෝනුස්සා චාර්මුස් සරදියෙලි (Charmus saradieli) ලෙසින් නම්කර තිබේ.
ගෝනුස්සන් පිළිබඳව ශ්‍රී ලංකාවේ සිදුකළ මෙම පර්යේෂණය මෙතෙක් ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් පිළිබඳව සිදුකළ ප්‍රධානතම පර්යේෂණය බවත් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ සහාය තම කණ්ඩායමට ලැබුණු බවත් පරිසර විද්‍යාඥ වී.ඒ. සංජීව ජයරත්න මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය. සත්ත්ව වර්ගීකරණයේදී ඇරැක්නීඩා වර්ගයට අයත් (පාද අටකින් යුතු) ගෝනුස්සා කුල 18කට අයත්ව විශේෂ 1750ක් තරම් සුවිශාල පැතිරීමක් ඇති සත්ත්ව කොට්ඨාසයක් බවට ලොව පුරා සිදුකර ඇති විද්‍යාත්මක විමර්ශන මගින් තහවුරුකරගෙන ඇත.
දුමින්ද සංජීව බාලසූරිය
Reply To:
Name - Reply Comment
0 Comments