Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය මහනුවර මහ රෝහලේ දී පසුගිය (07දා) සිදු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අනුරාධපුරයේ පදිංචි වයස අවුරුදු 34ක කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කර ඇති අතර, ඇයගේ හදවත සියයට 12ක් පමණ අකර්මන්‍ය වී තිබූ බවත්, මොළය මිය ගිය 24 හැවිරිදි තරුණයෙකුගේ හදවතක් ඇයට බද්ධ කළ බවත් මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

එම තරුණයාගේ වකුගඩු දෙක තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර ඇති බවත් හදවත් බද්ධයකට භාජනය වූ කාන්තාව සහ වකුගඩු බද්ධයට භාජනය වූ රෝගීන් දෙදෙනා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, ඔවුන් සුවයෙන් පසුවන බවත්,රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි. 

මොවුන් පිළිබඳ ශල්‍යකර්මයට සහභාගි වූ වෛද්‍යවරුන්ද දැඩි පරීක්ෂාවෙන් පසුවන බවත් ඒ මහතා පැවසීය.

මෙම ශල්‍යකර්මය සඳහා මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, අනුරාධපුර මහා රෝහල, වැලිසර ළය රෝහල, බොරැල්ල ළමා රෝහල යන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු එක්ව සිටියහ.

හෘද රෝග, නිර්වින්දන, අවයව බද්ධ කිරීම, උරස් හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුද ඊට ඇතුළත් වේ.

මෙම වෛද්‍යවරුන් සිදු කළ හදවත් බද්ධ කිරීම අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දුරකථනය ඔස්සේ එම වෛද්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් ස්තූතිය පුද කර තිබේ. ඔවුන්ව හමුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 13 දා  මහනුවර මහ රෝහල වෙත පැමිණිමටද නියමිතය. 

මෙම ශල්‍යකර්මයට සහභාගි වූ වෛද්‍යවරුන් අගය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දී ඇත.

tbd-heart-transplants

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.