Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔටිසම්, ඩවුන්ස් සින්ඩ්රෝකම්, මස්තිස්ක අංශභාගය සහ වෙනත් වර්ධන සංකූලතා සහිත දරුවන් සඳහා ඇතිවන කතන අපහසුතා සඳහා පහසුවීම සඳහා ඔවුන්ට එදිනෙදා ජීවිතයේ දී සිතුවිලි හා අදහස් ප්‍රකාශ කිරීමට උපකාරිවන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රථම කතන විකසන සහ විකල්ප ඇප්ස් (app) මෘදුකාංගය සිංහල බසින් ඩෙල්මා එම්. ජේ. එෆ් පදනමේ මූලිකත්වයෙන් නිර්මාණය කර තිබේ.

සිංහල බසින් හඳුන්වාදෙන මෙම මෘදුකාංගය බාල සහ වැඩිහිටි කා හටත් අපහසුතාවකින් භාවිත කළ හැකිවන පිරිදි නිරිමාණය කර තිබේ. සංකූලතා ඇති දරුවන්ට තම අවශ්යවතා සඳහා පින්තූරයක් මත අත තැබීමෙන් අවශ්‍යතා ඉල්ලීම කළ හැකිය. බිස්කට් අවැසිනම් බිස්කට් මත අත තෑබීමෙන් බිස්කට් පින්තූරය මෙන්ම හඩද නිකුත්වේ. මෙරට කතන භාෂා විශේෂඥයින් විසින් පෙර පටිගත කරන ලද වාග් මාලාවක් තුළ මෙම මෘදුකාංගය නිර්මාණය කර තිබෙන බව ශ්‍රී ලංකාවේ මස්තිස්ක අංශභාග පදනමේ නිර්මාතෘ සහ මස්තිස්ක අංශභාගය හා වෙනත් වර්ධන සංකූලතා සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ගෝපි කිංඩසාම් මහතා පවසයි. එක් එක් පුද්ගලයාගේ ස්වභාවය අනුව දෙමවුපියන්ට හා කතන භාෂා තෙරපිවරුන්ට මෙහි වාග් මාලාව වෙනස් කර හැකි බවද ඔහු කියයි. ප්රභතිකාරවලට අමතරව මෙය පන්තිකාමර පරිහරණය සඳහා ද ලබා ගත හැකිය. වර්ධන හැකියාව මත වාග් මාලාව වැඩි කරගැනීමේ හැකියාවද බවතින බව ගෝපි මහතා සඳහන් කරයි. මෙම ඇප් මෘදුකාංගය දෙමවුපියන්, ගුරුවරුන්, වෛදවරු ආදීන්ට දරුවන්ගේ සන්නිවේදන හැකියා වැඩිකිරීමේ හැකියාව වැඩිකිරීමට අවකාශ සැලසේ.
මෘදුකාංගය www.bit.ly/avazsrilanka භාගත කළ හැකිය.

ඉන්දික සෙනෙවිරත්න
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.