ශ්රී ලංකාවේ උසම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අරඹයි
- 2017-04-20 13:15:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම පෙරේදා (17දා) සිදුව තිබේ.හෝර්ටන් පෙදෙසේ ඉදිවෙන මෙම ගොඩනැගිල්ලේ උස තට්ටු 75ක් වන අතර එහි සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 250කි.
බස්නාහිර මහානගර සංවර්ධන සැලැස්මට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිවෙයි.මුල් ගල තැබීමේ උත්සවය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමට නියමිතය.
මෙය දැනට ඉදිවෙමින් පවතින නෙළුම් කුළුණටත් වඩා වැඩි උසකින් යුක්ත බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments