ශ්‍රී ලාංකිකයන් 10% කට මානසික ව්‍යාකූලතා'
- 2016-10-11 22:33:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ අනුව ලොව පුරා මිලියන හාරසිය පනහක් දෙනා මානසික රෝග වලට මුහුණ දෙන බවයි ඔක්තෝබර් 10 වැනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනයේ දී බීබීසීයේ තිසර රතුවිතාන සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ.
බොහෝ දෙනා අතර සුලභව දකින්නට ලැබෙන මානසික රෝගී තත්වය විෂාදය (Depression) බව පැවසූ වෛද්‍ය රමණී ප්‍රකාශ කළේ ඕනෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු සිය ජීවිත කාලය තුළ දී මෙයට ගොදුරුවන බවයි.
ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 10% කට මානසික ව්‍යාකුලතා ඇති බව පවසන වෛද්‍යවරිය මානසික සෞඛ්‍යය පිළිබඳව දැන් පෙරට වඩා ජනතාව දැනුවත් වීම නිසා මෙන්ම මානසික වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවද වැඩිවී ඇති නිසා ප්‍රතිකාර සඳහා පැමිණෙන මානසික රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩිවී ඇති බවයි පැවසුවේ.
ශ්‍රී ලංකාවේ දැනට මානසික රෝග පිළිබඳ වෛද්‍යවරුන් සියයක් පමණ සේවය කරන බැවින් හොඳ සේවාවක් ලබාදෙන බවද ඇය සඳහන් කළාය.
මානසික රෝග ඇතිවීමට හේතුව පිළිබඳවද කරුණු දැක්වූ වෛද්‍ය රමණී රත්නවීර සමග පැවති සංවාදයට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.(BBC Sandeshaya)
Reply To:
Name - Reply Comment
0 Comments