ශිෂ්‍යත්වය ඉහළින් සමත් දුලංජලී ජනපති හමුවෙයි
- 2017-10-11 11:03:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඩී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ඊයේ (10දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූවාය.
හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථීක අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ශිෂ්‍යාව ලකුණු 168 ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත්වූවාය.
සිසුවියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු නිමවනතුරු මසකට රුපියල් තුන්දහස බැගින් මුදලක් ගෙවීමට ද පොරොන්දු විය.
එමෙන්ම දුලාංජලී මදුමාලී ශිෂ්‍යාව වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමට මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත පොරොන්දු විය.
දුලාංජලී මදුමාලී ශිෂ්‍යාවට වර්ෂයකට සරිලන පාසල් පොත් සහ ත්‍යාග රැසක් ද ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි.
පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කර මේ වන විට වසර 45 ක් වන අතර, එහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 96 කි. එදා මෙදා තුර කාලයේ මෙම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් එකම ශිෂ්‍යාව වන්නේ බී.ඩී. දුලාංජලී මදුමාලියි.
විදුහල්පති සෝමසිරි අත්තනායක, ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමී හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ද, දුලාංජලී මදුමාලී සිසුවියගේ මව ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments