ශිෂ්‍යත්ව කප් එක අඹන්පොළ ඕල්කට් ආදර්ශයට
- 2017-10-12 02:52:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාවට අනුව මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව ස්ටැනික් පරිමාණයට සකස් කළ පාසල් සාධන දර්ශකය අනුව ඉහළම සාධන මට්ටමක් පෙන්වා නිකවැරටිය අඹන්පොළ ශ්‍රීමත් හෙන්රි ඕල්කට් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය පළමුවැනි ස්ථානයට පත්ව තිබේ. දෙවැනි ස්ථානය නිකවැරටිය ඇහැටුවැව ඒරියාව කණිෂ්ඨ විද්‍යාලයටත්, තුන්වැනි ස්ථානය කුලියාපිටිය විශාකා බාලිකා විද්‍යාලය සහ නිකවැරටිය ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයටත් හිමිව තිබේ.
ස්ටැනික් පරිමාණය දර්ශකය අනුව දිවයිනේ ඉහළම සාධන දර්ශකය සහිත පාසල් 40ක් නම් කර තිබේ. වයඹ පළාතේ පාසල් 15ක්, බස්නාහිර 11ක්, උතුර 5ක්, දකුණ 3ක්, ඌව 2ක්, සබරගමුව 2ක්, මධ්‍යම 1ක් සහ නැඟෙනහිර 1ක් වශයෙන් ඉහළ සාධන මට්ටමක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාවේ සඳහන් ය.
Reply To:
Name - Reply Comment
0 Comments