Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ  එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටිති.
 තුන්වැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවාය. ඔහු ලකුණු 196ක් ලබාගෙන තිබේ.
 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් සිසුහු 12 දෙනෙක් හතර වැනි ස්ථානයට පත්ව සිටිති. පළමු, දෙවැනි, දෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් සිසුන් 16 දෙනා අතුරින් සිසුහු හත් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරති.
ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164කි. නුවරඑළිය, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණ 158ක් වන අතර බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 160කි. හම්බන්තොට කඩයිම් ලකුණ 162 වන අතර වව්නියාව කඩයිම් ලකුණ 161කි. අම්පාරේ 159කි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන (05) සහ (06) දිනවල පැමිණ ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු පාසල්වල ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත තැපැල් කර හැරීමට නියමිතයි.

පළමු තැන දිනු දිනුක නිෂාන්


2017 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වේ

ශිෂ්‍යත්ව දිස්ත්‍රික් කඩයිම් ලකුණු

වයඹ ළමුන් 4700ක් ලකුණු 160 වඩා අරන්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.