සංහිදියාව ගොඩනගන "සහෝදර පාසල්"පාඩසාලෙයි" ඇරඹේ
- 2016-12-07 14:39:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම පස්-දින නේවාසික ශිෂ්‍ය කඳවුරුවලදී සිසුන් එකිනෙකා දැන හඳුනාගැනීම සමගම ශ්‍රී ලංකාවේ විවිධත්වය, එකිනෙකාගේ සංස්කෘතික ආගමික අනන්‍යතාවන්, සමගිය හා සංහිදියාව තුළින් ජීවත් වීම, විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මෙන්ම තම තමාගේ පාසල් පාදක කර කළ හැකි අනාගත ක්‍රියාකාරකම් ගැනද ඉතා ගැඹුරු ලෙසින් යොමු කළහ. විශේෂයෙන් පුහුණුව ලද පළාත් පුහුණුකරුවන්ගේ සංචිතයක් තුළින් මෙයට සමගාමීව පාසල් මට්ටමින් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම "සහෝදර පාසල් / පාඩසාලෙයි" වැඩසටහනහි ප්‍රධාන අරමුණ වන්නේ ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි පුහුණුකරුවන් සහ ගුරුවරුන් සංචිතයක් මෙන්ම දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුළින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීමය. අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ මධ්‍යම හා දිගු කාලීන වැඩ සැලැස්මට අනුව "සහෝදර පාසල් / පාඩසාලෙයි" වැඩසටහන තුළින් සිසු ප්‍රජාව තුල ශ්‍රී ලාංකීය විවිධත්වය ගැන දැනුවත් වීම තුළින් අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර විවිධ පළාත් අතර මෙවන් සබඳතා ගොඩ නැගෙනු ඇතැයි බලාපොරොත්තුවේ.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments