සතුන්ටත් ජලය නෑ වනාන්තරවලට බවුසර් මගින් ජලය
- 2016-09-30 14:40:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැඩි නියඟය හේතුවෙන් ජලය සොයාපැමිණෙන වනසතුන් ගම්වැදීම වැළැක්වීම සඳහා ජාතික වනෝද්‍යානවලට බවුසර් මගින් ජලය සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකර ඇතැයි තිරසර සංවර්ධන අමාත්‍යාංශය කියයි.
යාල,උඩවලව,විල්පත්තුව,ලුණුගම්වෙහෙර,බූන්දල,කුමන,ගල්ඔය ඇතුළු ජාතික වනෝද්‍යාන රැසක මේ ආකාරයට ජලය සැපයීමේ කටයුතුසිදුකෙරේ.
මෙම ජාතික උද්‍යනවල පිහිටි පොකුණු හා වැව්වලට බවුසර් මගින් ජලය සැපයෙන බවත්, ඇතැම් ජාතික වනෝද්‍යානවලට සූර්ය ශක්තිය (සෝලා)මගින් ක්‍රියාත්මක ජල පොම්ප හරහා ගංගාවල ජලය ලබාදීමේ වැඩපිළිවෙළක්ද වේ.
දැනට පවතින නියඟය හේතුවෙන් ජලය සොයාඑන වනසතුන් ගම්වැදීමට ඉඩ තිබෙන නිසා ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි වනාන්තර අවට සිටින ජනයාගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
එසේ ගම්වදින වනසතුන් මරාදැමීමට කිසිවෙකු හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සූදානමින් සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments