සබරගමුවේ අධ්‍යාපනය අන්තර්ජාලයට
- 2017-10-11 11:42:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
www.edudept.sg.gov.lk යන වෙබ් ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිය. මෙමගින් පාසැල් ශිෂ්‍ය ප්‍රජාවට පෙළ පොත් ආශ්‍රිත ව පාසැල් පද්ධති මගින් ලබාදෙන අධ්‍යාපනය මෙන්ම වෙනත් විෂය ක්ෂේත්‍රයන් ද හැදෑරීමට අවස්ථාව උදාවේ. එමෙන්ම සබරගමුවේ ගුරු ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපනික, සමාජීය, කලා ඇතුළු ක්ෂේත්‍රයන්වලට අදාළ නිර්මාණ මේ සඳහා එක්කළ හැකිවීම විශේෂත්වයකි.
රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් සභාව යටතේ පාසැල් 1100 ද රජය යටතේ ක්‍රියාත්මක ජාතික පාසැල් 28 ද ඇත. මෙම පාසැල් පද්ධතිවල පරිපාලනමය කටයුතු ද මෙම වෙබ් අඩවිය මගින් ක්‍රියාවට නැංවීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රෛ භාෂාවලින් මෙය ක්‍රියාත්මකය. මෙම වෙබ් අඩවියේ සියලු නිර්මාණ සහ යාවත්කාලීන කටයුතු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරයි.
ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් භාවිතා කර ඇත. එහෙයින් මේ සඳහා සබරගමුව පළාත් සභාව අමතර පිරිවැයක් දරා නොමැත.
Reply To:
Name - Reply Comment
0 Comments