Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සබරගමුව පළාත් සභාව මගින් නවක ගුරුවරු 400ක් සඳහා පත්වීම් ප්‍රදානය, ලබන ජූලි මස 05 වන දින සිදුකරන බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කරයි.

පසුගිය දිනවල පැවති සම්මුඛ පරීක්ෂණවලින්  තෝරා පත්කර ගනු ලැබූ උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ප්‍රදානය කරන බව මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කරයි. මෙලෙස තෝරාපත්කර ගත් උපාධිධාරීන්ගේ නාම ලේඛනය www.moe.sg.gov.lk යන වෙබ් අඩවියේ පල කර ඇති බව හෙතෙම වැඩිඳුරටත් සඳහන් කරයි.

 මේ දිනවල පවතින තැපැල් සේවාවේ අර්බුදය හේතුවෙන් අදාල කැඳවීම් ලිපි අදාල උපාධිධාරින් වෙත නොලැබුන ද  එදින (ජූලි 5) රත්නපුර මධ්‍ය පුස්තකාලය වෙත පැමිණෙන ලෙස  මහින්ද  එස්.වීරසූරිය මහතා වැඩිඳුරටත් ඉල්ලා සිටියි.

මෙම පත්වීම් ලිපි ප්‍රදානය පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, පළාත්  මහ ඇමති මහීපාල හේරත්, පළාත් අධ්‍යාපන ලේකම් භාණු මුණිප්‍රිය සහ ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව හෙතෙම වැඩිඳුරටත් සඳහන් කරයි.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.