.
වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදයට හේතු විය හැකි වෛරය හා ක්‍රෝධය ඉස්මතු වන අයුරින් සමාජජාලවලට ප්‍රකාශ ඇතුළත් කරන්නේ නම් එයට එරෙහිව නව නීතී මාලාවක් ගෙන ඒමට ප‍්‍රංශ රජයත් සුදානම්ව සිටී. එරට අන්තර් ජාලය භාවිත කරමින් පේස් බුක්, ටුවිටර් ගිණුම්, යු ටියුබ් , ඉන්ස්ට‍්‍රැග්‍රෑම්, රෙඩිට් වැනි සමාජ ජාලා ආදිය තුළ වෛරය හා ක්‍රෝධය ඇතිවන අයුරින් අදහස් හා ප්‍රකාශ වලින් වදන්, කාටුන්, චිත‍්‍ර හා වෙනත් දැ හඳුනාගෙන ඒවා පැය 24ක් ඇතුළත ඉවත් කිරීමටත් ගිණුම් හඳුනා ගෙන ගිණුම් හිමියන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර විශාල දඩ මුදලක් ද සහිතව දැඩි දඬුවම් ලබා දීමට අවශ්‍යය නව නීති මාලාවක් සැකසීමට ප්‍රංශ පාර්ලිමේන්තුව සුදානමින් බව ප‍්‍රංශ අගමැති එඩුවා පිලිප් මහතා ප‍්‍රංශයේ රූපවාහිණි සාකච්චාවකට සහභාගි වෙමින් සඳහනක් කළේය.