සයුරයි සුරනිමලයි ඉන්දියාවට යයි
- 2016-10-22 18:56:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන “සයුර” සහ වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන “සුරනිමල” යන නෞකාවන් අද ( 22 දා) ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතු සහ සුහද සංචාරයක නිරතවීම සඳහා කොළඹ වරායෙන් එම නෞකාවන් පිටත් විය. එළැඹෙන 28දා තෙක් නෞකා ඉන්දියාවේ රැදී සටියි. නෞකාවන් හෙට (23දා) ඉන්දියාවේ කොචින් වරාය වෙත ළඟාවෙයි.
විශේෂ පුහුණුවීම් කිහිපයක් සිදු කිරීමට නියමිත අතර දෙරටෙහි නාවික හමුදා අතර ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කරමින් ඔවුනොවුන් මුණගැසීමටත්, අදහස් හුවමාරු කර ගැනීමටත් නියමිතය.
සංචාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුව ලබන මධ්‍ය නිලධාරීන් 12 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයන් 304 දෙනෙකු සහභාගී වෙති.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments