Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සියලු ප්‍රථිඵල සඳහා පිවිසෙන්න

පළමු වැනියෝ හය දෙනෙක් - දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී ​

අධ්‍යාපන පොදු සහතික සමාන්‍ය පෙළ විභාගයේ (2017) ප්‍රථිපල විභාග දෙපාර්තමේන්තුව  විසින් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.  ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස එම විභාගයේ ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබේ. මෙවර සාමාන්‍යපෙළ විභාගයට සිසුන් ලක්ෂ 6ට අධික සංඛ්‍යාවක් පෙනී සිටි අතර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ  වනවිට අන්තර්ජාලයට ඇතුළත් කිරිමේ හා ඒවා නැවත පරීක්ෂා කිරිමේ ක්‍රියාවලියේ තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

කිසියම් අපේක්‍ෂකයෙකුට ප්‍රතිඵල වල ගැටලුවක් තිබේ නම් නැවත සමීක්‍ෂණය කරවා ගැනීමට හැකියාව ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාළ අයදුම්පත්‍ර හා අවසන් දිනයන් විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී සඳහන් කිරීමට නියමිතය.

2017 දෙසැම්බර මාසයේ දී පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියෝ හය දෙනෙක් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත්ව සිටිති.  සිසු සිසුවියන් නව දෙනෙකු දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත්ව සිටීම මෙවර  විශේෂත්වයකි. ප්‍රථම ස්ථාන දිනා ගත් විභාග අපේක්ෂකයන් හය දෙනා අතුරින් දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසුවියෝය.

පාසල් අයදුම්කරුවන් සදහා නැවත සමීක්‍ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛණය සමග විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙනවා. පෞද්ගලික අයදුම්කරුවන් සදහා ඉදිරියේදී ජාතික පුවත්පත්වල ඊට අදාළ අයදුම්පත්‍ර පළ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. සමික්ෂණවලින් අනතුරුව නැවත සමීක්ෂණ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට ඇතුළු කරේ.

සෑම වසරකම 5 වැනි ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් මස 5 වැනි දිනදාත්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වැනි දිනදාත්, අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වැනි දින වන නිශ්චිත දිනයන්හිදී ප්‍රතිඵල සෑම වසරක ම නිකුත් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී ඇත්තේ විභාග අපේක්ෂයින්ගේ ප්‍රතිඵල නිකුත්වීම නිසි දිනයක් නොවන නිසා පරක්කුවීම වැලැක්වීමට බය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සියලු ප්‍රථිඵල සඳහා පිවිසෙන්න

සබැඳි පුවත්--

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.