සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි - පළමු තැන විශාකාවට
- 2017-03-28 06:52:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016 වසරේ දෙසැම්බර් මස පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) අලුයම නිකුත් කිරිමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය. www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබේ.
ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කොළඹ විශාකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවෙල් විසින් හිමිකරගෙන තිබේ.
එහි දෙවැනි ස්ථානය මහනුවර මහාමායා බාළිකා විදුහලේ එස්.එම්.මුණසිංහ සිසුවියත්, තෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විදුහලේ ආර්.එම්. සුගත් රවිඳු සිසුවා හා මාතර රාහුල විදුහලේ දිමුත් මිරිස්සගෙත් හිමිකරගෙ තිබේ. සිවුවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාළිකා විදුහලේ පබසරා හේරත් විසිනුත් ලබාගෙන ඇත.
පස්වැනි ස්ථාන තුනක් ලබාඇති අතර කොළඹ දේවි බාළිකා විදුහලේ රනුමි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාළකාවේ ධම්සරා මේදාවි, යාපනය හින්දු විද්‍යාලයේ ඒ. අභිමන්තන් එම සිසු සිසුවියෝ වූහ. එසේම එම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කිරීමේ අයැදුම්පත්‍ර අප්‍රේල් 30දාට පෙර යොමුකරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments