සාපෙළ පිළිතුරුපත් ඇගයීම ජන 03දා
- 2016-12-19 03:21:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර පරීක්ෂාව ජනවාරි 03 වැනිදා සිට අදියර දෙකක් යටතේ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව පළමු අදියර ජනවාරි 03 වැනිදා සිට 12 වැනිදා දක්වාත්, දෙවැනි අදියර ජනවාරි 21 වැනිදා සිට 30 වැනිදා දක්වාත් පැවැත්වේ.
උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 62,000ක කාර්යමණ්ඩලයක් යෙදවීමට නියමිතය. උත්තර පත්‍ර පරීක්ෂාවට වැඩිම පිරිසක් සහභාගි වන අවස්ථාව සහ උත්තර පත්‍ර වැඩිම ප්‍රමාණයක් ලැබී තිබෙන විභාගය වන්නේද දෙසැම්බර් 06 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයයි.(ada.lk)
Reply To:
Name - Reply Comment
0 Comments