සාපෙළ විශිෂ්ඨයින් 9960 ක්
- 2018-03-29 16:14:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රතිඵල නිකුත් වූ 2017 සාමාන්‍ය පෙළ විභාගයේ විශයන් 9ටම A9ක් ලබාගත් සිසුන් සංඛ්‍යාව 9960ක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කර සිටියේය. “මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දෙස බලද්දී, කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් නොවෙයි, සෙසු දිස්ත්‍රික්කවලද ඉහළ ප්‍රතිඵල වාර්තා වනවා. සමස්ත ප්‍රතිඵලය දෙස බැලීමේදී 2016 වර්ෂයට සාපේක්ෂව 69% සිට 73% දක්වා එය වැඩි වී ඇති අයුරු දැකිය හැකියි. ගණිතය විෂයට අදාළ ප්‍රතිඵලය 62% සිට 67% දක්වාත්, විද්‍යාව 66% සිට 73% දක්වාත්, ඉතිහාසය සහ ඉංග්‍රීසි 47% සිට 51% දක්වාත්, සිංහල භාෂාව හා සාහිත්‍යය 87% සිට 90%දක්වා මෙන්ම දෙමළ භාෂාව හා සාහිත්‍යය 78% සිට 88% දක්වාත් ප්‍රතිඵල ප්‍රතිශතාත්මකව වැඩි වී තිබෙනවා. එමෙන්ම ‘A සමාර්ථ 9ක් දිනාගත් සිසුන් සංඛ්‍යාව 2016 වර්ෂයට සාපේක්ෂව මෙවර ඉහළ අගයක් ගන්නවා. එම සංඛ්‍යාව 9960ක්.”
නිරෝෂා ප්‍රියදර්ශනී
I සැබැඳි පුවත්
Reply To:
Name - Reply Comment
0 Comments