Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

img2-3

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය (06) හෙට ආරම්භ කෙරෙන බව විභාග දේපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර විභාගය සඳහා ලක්ෂ 7කට ආසන්න පිරිසක් පෙනී සිටීමට නියමිතය. එය ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් (ලක්ෂ හතක්) මෙවර විභාගයට පෙනී සිටින බවත් විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්. එන්.එම් .ජේ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.විභාග මධ්‍යස්ථාන 5669 කදී නව සහ පැරණි නිර්දේශ යටතේ විභාගය පැවැත්වෙන අතර ලබන 17 වැනිදායින් අවසන්වේ. උදෑසන 8. 30ට විභාගය ආරම්භ කෙරෙන බැවින් උදෑසන 8.00ට පෙරාතුව විභාග මධ්‍යස්ථානයට පැමිණ සිටින ලෙස සියලු අපේක්ෂයන් ගෙන් ඉල්ලීමක් කරන බවද විභාගය සඳහා ජාතික හැඳුනුම්පත, හෝ වලංගු ගුවන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු බවද කී කොමසාරිස්වරයා විභාග ප්‍රවේශ පත්‍රය අනිවාර්යයෙන් රැගෙන එන ලෙසද ඉල්ලීමක් කළේය.  කාර්යය මණ්ඩලය හැටපන් දහස් පන්සිය විසි හතර (65,524) දෙනෙකු යොදා ඇත. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538ක් රටපුරා පිහිටා ඇත. විභාග කාර්ය මණ්ඩල වලින් යම් අක්‍රමිකතාවක් සිදු වුවහොත් ඔවුන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් විභාග සම්බන්ධ යම් අක්‍රමිකතාවක් හෝ යම් පැමිණිල්ලක් වේ නම් 0112786200, 0112 784201, 0112785202, 0112784203 දුරකථන අංක වලට හෝ හදිසි අවස්ථා සඳහා 119 දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරන බව ඒ මහතා කීවේය.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.