සාම්පුර් චෛත්‍ය පිහිටි භූමිය සංරක්ෂණයට පියවර
- 2017-12-31 13:27:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිසියම් පිරිසක් විසින් විනාශකර දමන ලද සාම්පූර් සූඩයිකුඩා ප්‍රදේශයේ පිහිටි දාගැබ ඇතුළත් ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන සංරක්ෂණයට ඉදිරියේදී පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා පවසයි.
කිසියම් පිරිසක් විසින් විනාශ කර තිබු සාම්පූර් දාගැබට අදාළ නටඹුන් ද ඉකුත් දා පුරාවිද්‍යා ගවේෂණයකින් අනතුරුව මතුකරගෙන ඇත.
එය පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානයක් ලෙස නම් කිරීමට ප්‍රථම කිසියම් කණ්ඩායමක් විසින් මෙම විනාශය කර සිදුකර ඇත.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කරන්නේ අදාල විනාශයට සම්බන්ධ වූවන්ට එරෙහිව පුරාවිද්‍යා අඥාපනතේ විධි විධානයන්ට යටත්ව උපරිම දඬුවම් හිමිවන බවයි.
ඉපැරණි බෞද්ධ උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අදාළ දාගැබ පිහිටි ප්‍රදේශය පුරාවස්තු අඥාපනතේ විධිවිධාන අදාළව ඉදිරියේදී පුරාවිද්‍යාදෙපාර්තමේන්තුව බාරයට ගැනිමටත් එම ප්‍රදේශයේ ඉදිරි කැණීම් කටයුතු සහ සංරක්ෂණය කටයුතු සිදුකිරීමටත් බලාපොරොත්තු වන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments