Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

සියලුම ජාතික පාසල්  ආපදාවට ලක් වූ දරුවන්ට අවශ්‍ය ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එහිදී මුදල් ආධාර ලබා නොදෙන ලෙස අමාත්‍යවරයා සියලුම පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටි අතර ඇඳුම් ලබා දෙන්නේ නම් අලුත් ඇඳුම් ලබාදෙන ලෙස ද ඉල්ලීමක් සිදු කළේය.

එසේම පස්දුන් රට විද්‍යාපීඨය සහ රුවන්පුර විද්‍යාපීඨ ආපදාවට ලක් වූ ජනතාවට ආහාර පිස බෙදා හැරීමේ මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

පාසල්වල තිබෙන අවදානම් තත්ත්වයේ පැරණි ගොඩනැගිලි එනම් අනතුරකට ලක්විය හැකි ගොනැගිලි හඳුනා ගෙන කලාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කීරීමට උපදෙස් ලබාදී ඇති බවත් ඉදිරියේදී ඒ සඳහා කැබිනට් පත්‍ර‍යක් ඉදිරිපත් කරන බවත් අකිල විරාජ් මහතා වැඩිදුරටත් පැවසීය.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.