Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

Sigiriya51 (1)

ලෝක උරුමයක් ලෙස ලොව පුරා ජනතාවගේ ආකර්ෂණය දිනාගත් සීගිරියේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය

සීගිරියේ පිහිටි පුරා විද්‍යාත්මක ස්ථාන සහ සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇතැයිඅමාත්‍යවරයා පර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එමෙන්ම  සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇතැයිද ඒ තුළින් ටිකට්පත් ආශ්‍රිතව පැන නැගී තිබූ අක්‍රමිකතා වළක්වාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, දේශගුණික, කාලගුණික විපර්යාසයන් මෙන්ම වෙනත් බලපෑම් හේතුවෙන් සිදු වන හානි වීම් වළක්වාලමින් නවීන විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රමවේදයන් යොදාගැනීමේ අවශ්‍යතාව ද ඒ හරහා මතු කර තිබූ අතර, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව ජාත්‍යන්තර විශේෂඥ සහයෝගයද ඇතිව ලෝක උරුම සීගිරියේ බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකට හෝ පුරාවස්තූන්වලට යම් හානියක් සිදු කිරීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනබවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි. (wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.