සීගිරි නැරඹීමේ ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයෙන්
- 2017-03-02 15:58:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම සංස්කෘතික අරමුදල හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම ඉ-සේවාව ක්‍රියාවට නංවා තිබේ.
මෙම නව ඉ-සේවාව නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂී නැරඹුම් ස්ථානයක් වශයෙන් සැළකෙන සීගිරිය නැරඹීමට ඉතා පහසුවක් වන බව නියෝජිතායතනය පවසයි.
විශේෂයෙන්ම සංචාරකයින්ට සිය සංචාරය සැලසුම් කිරීමේදී කාල කළමනාකරණය කර ගැනීමට මෙමගින් හැකිවන බවද නියෝජිතායතනය සඳහන් කරයි.
තවද ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී මතුවෙන විවිධ දුෂ්කරතාවයන් සහ තදබදයන්ද මෙමගින් අවම වන අතර සංචාරක පහසුකම් අවස්ථා පුළුල් වන බවද නියෝජිතායතනය පවසයි.
http://www.ccf.gov.lk/ https://www.gov.lk/ යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර ඇනවුම් කිරීමට හැකිවේ. අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කෙරෙන මෙම ප්‍රවේශ පත්‍ර තෙමසක කාලයක් සඳහා වලංගු වේ.
ඉදිරියේදී නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදීගත යුතු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පවතින සෙසු ස්ථාන සඳහාද මෙම ඉ-සේවාව හඳුන්වාදීමට නියමිත බව නියෝජිතායතනය පවසයි.
මෙම ඉ-සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික සීගිරියේදී සිදු කෙරිණි.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments